Feeds RSS

Thursday, April 27, 2017

කාල දොරටුව


කඳු පල්ලම් පසු කරමින් මම දුවන අයුරු පෙනේ.. 
මාත් සමඟම තවත් කිසිවෙකු දුවනු ඇස කොණට පෙනේ..

වෙන කිසිවෙකුත් නැත.
දර්ශණ පථය පැහැදිලිය..  නිල් අහස වළාකුළු රහිතය. පාර පටු වූත්  ගල් අල්ලා ඇති වූත් එකකි.

හදිසියේම මම පිටුපස හැරී බැළුවෙමි.
මුක්කන් නාසා සහිත හීනි උස කොළ පැහැති සත්ව කොට්ඨාසයක් අප දෙදෙනා පාරේ පන්නමින් සිටී..
හීනි දිග එළිය විහිදුවන කඩු වැනි දෙයක් ද උන් අතය..

මරපියව් මරපියව් මරපියව්

තාලයට ගායනා කරමින් දිව එන මහා සේනාවක් මා පිටුපසය.. අනෙකා හදිසියේ කතා කලේය.

“මේ කාල දොරටුව හොයා ගමු.. යන්න ක්‍රමයක් ඉබේ පෑදෙයි“
හති හලන හඩ අතරින් ඔහු කිව්වේය.

මීට කලින් දැක නැති ආගන්තුකයකු ද සමඟ මා කරන්නේ කුමක්දැයි මට සිතෙන්නට පටන් ගත්තේය.

මං ඇස් අරිනවා
එතකොට ඔක්කොම හරියයි
මම ඇස් ඇරියෙමි.. නැවතුනෙමි.....
කිසිම වෙනසක් නැත .. 
මා එතනමය..

“පිස්සුද??? මේ හීන බලන වෙලාවක් නෙවෙයි“

මා පසු වන බැවින් ඔහු මාගේ අතින් ඇද දුවන්නේය.
ගොඩැල්ලක් මුදුනත තරමක් පැරනි ගොඩනැගිල්ලක් පෙනෙන්නට විය..
අප ඒ දෙසට දුව ගියේ කිසිවකු විසින් මොළයට සංඥාවක් දුන් විටක මෙනි...

බලන්න බලන්න සිවිලිම

සිවිලිමේ වෙනසක් නැත රණ ගී හඩ අප වටා පැතිරෙන සෙයක් හැඟේ..

ඉන්න ඔයාව උස්සන්න
අර කොකු ඔක්කෝම අදින්න
මම ඔහුට වාරු දී නැඟී සිටියෙමි
එක කොක්කක් ඇද්දෙමි

බරැති ඊයම් තට්ටුවක් වහලින් වෙන්ව පැමිණ මුක්කන් නාසයෝ පදාසයක් යට කර දැමිනි.
ඊලඟට 
තවත්
තවත්!!!!
තවත්!!!!!!
මුක්කන් නාසයො සෑහෙන ප්‍රමාණයක් යට වෙන්නට ඇත.
දැන් ඔවුන් ඈතට වී බලා හිඳි..
රණ ගී හඩ වියැකී ගොස් කසු කුසු හඩ මතුවී එන්නට විය.

“කෝ ඉතින් දොරටුව“
මම පශ්චාත්තාප විමි.

ඉන්න!
ආගන්තුකයා මා අසලට පැමිණ උරහිස් තද කර අල්ලා ගත්තේය.

ඉඹින්න! ඉඹින්න!! ඉඹින්න!!!!
මොළයට  කොහෙන්දෝ  සංඥා එන්නට විය.

තදින් බදා ගනිමින් ඇස් පියාගනිමින් ඔහු මා සිප ගනිමින් සිටියි.

මේ මොන විකාරයක්ද?
මේ සත්තු ගොඩේ....
ඇරත් අපිව මැරෙන්න යන වෙලේ...
දෙතොල් ඇල වී ඇත...
ඉවතට ඇදීම අපහසුය.
මම මේ මොන කෙහෙල්මලක්ද කරන්නේ දන්නේ නැති මිනිහෙක් එක්ක
මට පිස්සුද

ක්‍රමක්‍රමයෙන් මට දැනෙන්නට වුයේ මගේ දෙපා කිති කැවෙන ලෙසකි.
දෙතොල් මුදවා නොගෙන හැකි තරම්ප හිස හැර වූ විට මට පෙනුනේ අප දෙදෙනාගේ දෙපා වලින් පටන් ගත් තුනී නිල් පාට මීදුමක් ක්‍රමයෙන් අප වෙලා ගන්නා  අයුරුය.

ටිකෙන් ටික මා පොලවෙන් උඩට යන බව දැනුනි...
මා පමනක් නොව ඔහුත්

මුක්කන් නාසයෝ විස්මිත රාවයක් නඟමින් කලබල කරන හඩ දැන් මට ඇසෙන්නේ ඈතින්ය.
අප දෙදෙනා සිවිලිම ලඟය...සිවිලිම තුලින් එන ආලෝකය අප ඒ දෙසට ඇද ගනී....
මම ඇස් පියාගතිමි
ඔහු  ගේ ග්‍රහණය  තවත්  දැඩිවනු දැනුනි.

මේ තමා කාල දොරටුව
ඔබ ගේ දූත ගමන සාර්ථකයි
යළිඳු සංඥා මාර්ගික පණිවිඩ කනට ඇසෙයි
දූත ගමන?
මොන????
හුස්ම ගන්නත් බැරුව මොන කාල දොරටුද?
මේ කිස් කෙරුවාව දැන් ඇති වගේ....
එක්වරම
මම දුටුවේ අධිකතර සුදු පැහැති කාමරයක මා සිටින බවකි.
ඒ වන විට ඔහුගේ දෙතොලින් මගේ දෙතොල් අතහැරී තිබිණි..
ඒජන්ට් කායිල්  ඒජන්ට් බ්‍රෙන්ඩා වෙල් ඩන්!!!!
මම වට පිට බලන අතර කාගේ දෝ කටහඩක් ඇසෙන්නට විය.
මොකා !!! බ්‍රෙන්ඩා!!!
කවුද ඒ?

මෙතෙක් වේලා මා සිප ගත් ඔහු මා දෙස බලා මඳ සිනා පාමින් සිටියේය.
 ඔයානේ...

ඔයාට මතක නැද්ද?
නෑ මේ මේ මට.... මත..ක නැ.....

ඉන්පසු මට සිහි නැති වුනා වන්ට පුළුවන. සිපගත් කොල්ලා ද සුදු පැහැති කාමරයද  කටහඩ ද අතුරුදහන්ව තිබිණි.

මා සිටියේ  එපාට්මන්ට් එකේ සුපුරුදු ඇඳ මතය.


0 comments:

Post a Comment