Feeds RSS

Thursday, April 27, 2017

They live happily ever after


ජෝර්ජ් එදා නාලා පිරිසිදු වෙලා බලන් හිටියා මර්ලින් එනකම්... මර්ලින් එනවා කියන්නේ එයා එක්ක තව කෙනෙක් එනවා කියන එක.. මහා කැලෑවක් මැද්දේ තිබුන මහා මාළිඟාවක තමා ජෝර්ජ් හිටියේ..

ටොක් ටොක් ටොක් 
ඒ මර්ලින් ගේ උපායශීලි තට්ටුකිරීම... 
ජෝර්ජ් මහා බයානක මූණක් හදාගෙන ඉස්සරහට ආවා.. අත පය බැඳපු ගෑණු ලමේකුත් මර්ලින් ගාව.. 
හදාගත්ත බයානක මූණ වැඩක් ණැ කියලා ජෝර්ජ් ට දැනුනේ ගෑනු ළමයා සිහි නැතුව හිටපු නිසා..

මෙන්න ... උඩ තට්ටුවට ගිහින් දානවා..

මේ පාර කොච්චර කල් යයිද?

ඒක කියන් බෑ ..
අපි බලමු

හ්ම්

ඒ ගමන්ම මර්ලින් අතුරුහන් වුනා..

කලින් පිළියෙල කරලා තිබ්බ කාමරේ ඇඳ උඩට ගෑනු ළමයව ගිහින් දාන එක විතරයි ජෝර්ජ් ට කරන්න තිබුනේ.. ඊට පස්සේ දොර වහලා යතුර අරන් බෙල්ලේ එල්ල ගත්තා..

ඇත්ත

ජෝර්ජ් කියන්නේ මකරෙක්... බයානක මකරෙක්.... ඇඟේ කොළ පාට කොරපොතු වලින් වැහුණු රතු පාට ඇස් තියෙන ගිනි පිඹින මකරෙක්..
එයා තමා මාළිඟාවේ සැම ගිනි අවශ්‍යතාවක් ම ඉටු කරන්නේ..

ජෝර්ජ් ගේ යාළුවා මර්ලින් මන්ත්‍රකාරයෙක්.. එයා කතන්දර වල අතර මං වුණු කුමාරිකාවන්ට තමා ගේ කුමාරයා හොයා ගන්න වගේම තමාගේ කුමාරයා ඇත්තටම ආදරෙයිද කියලා හොයා ගන්න නොමිලේම උදව් කලා.. 

මාළිඟාවේ නොපෙනෙන සේවක පිරිස මර්ලින් ගේ වැඩක්..
මොකද එච්චර විසාල මාළිඟාවක් නඩත්තු කරන්න ජෝර්ජ් ට තනියම බැරි නිසා..

මර්ලින් ගෙනත් දෙන කුමාරිකාව මාළිඟේ හිර කරලා හසුනක් යවනවා කුමාරයාට, ඔන්න ඇවිත් බේර ගන්න කියලා.. ඇත්තටම ආදරෙයි නම් පණ කඩාගෙන හැරෙන තැපෑලෙන් අස්වයා පිටේ නැඟලා කුමාරයා එනවා.. මහා අනර්ඝ කඩුවත් වන වන..
ඒ ඇවිත් මහා බයානක (ජෝර්ජ් ඒ වචනෙට ආසයි) මකරත් එක්ක සටන් කරලා කුමාරිව බේරගන්න ඕනි.. එතනින් ඒ දෙන්නගෙ කතාව ඉවරයි.. පස්සේ වෙන ප්‍රශ්ණ වලට මර්ලින් වත් ජෝර්ජ්වත් අත දාන්න යන්නේ නෑ..

දැන් මේ ගෙනාවේ 157 වෙනි කුමාරි...

උඩම කුමාරිගේ කාමරේ පැත්තෙන් ආපු සද්දෙට ජෝර්ජ් ලෑස්ති වුනා... කට ඇරගෙන සද්දෙ දාගෙන එළියට බැස්සා...
ගිරිය යටින් කැ ගහපු “කුමාරි“ මිරිවැඩි සඟලින් එකක් ගලවලා මකරට දමලා ගැහුවා..
ඊයා මුගේ කැත
හැටි විතරක්
පලයන් යන්න
අනේ මාව බේරගනියෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
මේ කටුස්සා මාව කන්න හදනෝ
කුමාරි ඉවක් බවක් නැතුව කෑ ගැහුවා..

කුමාරිගේ වචන අතර තිබුන නොගැලඵීම ගැන කල්පනා කර කර ජෝර්ජ් ආපහු ආවා.. මාළිඟාවක හැඳුනු කුමාරියක් කවමදාවත් ඔහොම බෙරිහන් දෙන්නේ නෑ..
පළවෙනි පාර මාව දැක්කම කලන්තෙ දාලා වැටෙනවා
අනේ මාව බේර ගන්න කියලා ඉකිගහගහ අඩනවා
කලින් 156 ඒ වගේ.. ඒත් මේ කෙල්ල එහෙම නැ නේ
මර්ලින්ට වැරදිලාද මන්දා?
ජෝර්ජ් කල්පනා කරන්න ගත්තා....

0 comments:

Post a Comment